ට්‍රම්ප් සන්නාමයෙන් යුතු නව අත්ඔරලෝසු මාදිලි රැසක් වෙළඳපොළට හදුන්වාදීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් මස ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නව අත්ඔරලෝසු හදුන්වාදීම සිදුකර ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.
එම අත්ඔරලෝසු සදහා ට්‍රම්ප් නාමය භාවිතා කිරීම ද විශේෂත්වයක් වනවා.
නව අත් ඔරලෝසු සදහා ඔබ දැඩි කැමැත්තක් දක්වනු ඇති බවත් නත්තල් ත්‍යාගයක් ලෙස ලබාදීමට එය ඉතා සුදුසු බවත් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කරනවා.
ඇමෙරිකා ඩොලර් 499 සිට 799 දක්වා මිල ගණන් යටතේ ට්‍රම්ප් අත්ඔරලෝසු මිලදී ගැනිමේ හැකියාව පවතිනවා.
ඒ අතරින් මිල අධිකම ට්‍රම්ප් අත්ඔරලෝසුවේ මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් ලක්ෂයක් ලෙසයි.