ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා.
2024 වසරේ සිට 2026 වසර දක්වා ලෝක හදවත් දින සැමරුම් තේමාව වන්නේ ක්‍රියාව සඳහා හදවත භාවිතා කරන්න යන්නයි.
සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලබනවා.
හදවත නිරෝගීව තබා ගත යුතු බව ලෝක වාසීන්ට සිහිපත් කිරීම සඳහා මෙම දිනය සැමරෙන අතර ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස ද හදවත් රෝග සැලකිය හැකියි.
හෘදයාබාධ / ආගාතය හා හදවත් අක්‍රීය වීම හේතුවෙන් සෑම වසරකම ලොව පුරා මිලියන 20.5කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි වනවා.