ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.
ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ව්‍යවස්ථාදායක සභාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නියෝජිතයා ලෙස පත් කර තිබුණේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වීමත් සමග නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ව්‍යවස්ථා සභා නියෝජිත ධුරය ද අහෝසි වුණා.
ඒ අනුව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුයි.