වසරකට ආසන්න කාලයක් මුරුසි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ඉසුරු පුතා දෙක බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනා මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙනවා.
එම යාත්‍රාවේ හිමිකරු පවසන්නේ තමා මුදල් වැයකරමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ ද ධීවර දෙපාර්තමේන්තුව ඒ සඳහා සහාය නොදැක්වූ බවයි.
පසුගිය වසරේ සැප්තැම්බර් 19 වනදා ඉසුරු පුතා දෙක යාත්‍රාව වෙල්ලමංකරය ධීවර වරායෙන් ගමන් ඇරඹුවේ ධීවරයින් 8 දෙනෙකු ද සමගයි.
යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ පාවෙන්නට පටන් ගත් යාත්‍රාව පිළිබද එම ධීවරයින් , ධීවර දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ බවයි යාත්‍රාවේ හිමිකරු පවසන්නේ.
එම අතරතුරයි පසුගිය ඔක්තෝබර් 17 වනදා මුරුසි රාජ්‍යයේ වෙරළ ආරක්ෂක භටයින් මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු මාස 9ට පසු නිදහස් කිරීමට මුරුසි රාජ්‍ය පියවර ගත්තා.
සියලු වියදම් දරා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට තමා කටයුතු කළ බවයි ඉසුරු පුතා යාත්‍රාවේ හිමිකරු ප්‍රකාශ කළේ.
අනෙකුත් ධීවරයා සහ යාත්‍රාව නිදහස් කර ගැනීමට ධීවර දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි ඔහු චෝදනා කරන්නේ.