මෙරට ප්රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදුකෙරෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්තවන විට 74 වන වියේ පසුවුණා.
1950 වසරේ අප්‍රේල් 05 වනදා උපත ලැබූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
වෙල්ගම මහතා 1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගලවත්ත ආසන සංවිධායකවරයා ලෙස දේශපාලන ගමන්මග ආරම්භ කළා.
1994 වර්ෂයේ පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වසර 30ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.
අමාත්‍ය ධුර කිහිපයක් දැරූ ඒ මහතා 2020 වසරේ දී නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් එයට නායකත්වය ලබාදුන්නා.
කළුගංතොට සිංහයා නමින් කළුතර ජනතාව අතර ආදරයට පාත්‍ර වූ වෙල්ගම මහතා මෙරට ජන හදවත් දිනාගත් කෘතහස්ත දේශපාලනඥයෙක්.
කුමර වෙල්ගම මහතාගේ දේහය අද උදෑසන සිට මතුගම ,හොරවල, ඩෙනිස්ටන් වත්තේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට සවස මතුගම ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.