දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ දිනයේ දී අධික වර්ෂාවත් සමග ඇතිවූ අකුණු අනතුරුවලින් හගුරන්කෙත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මධ්‍යම , සබරගමුව , දකුණ සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනයේ තද වැසි ඇතිවිය හැකියි.
මුහුදු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර තද සුළං ද ඇතිවීමේ අවදානමක් පවතිනවා.
මේ අතර ඊයේ දිනයේ අධික වර්ෂාවත් සමග ඇතිවූ අකුණු හේතුවෙන් හගුරන්කෙත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
නිවාස පහකට අලාභ හානි සිදුව තිබෙනවා.
වලස්මුල්ල ප්‍රදේශයට බලපෑ දැඩි සුළගෙන් මුරුතවෙල , ඕමාර , ගලහිටිය , මහයාය ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස 27ට හානි සිදුවුණා.
වරකපොල, හුනුවල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියකට හානි සිදුවීමෙන් ප්‍රදේශයේ විදුලි බල සැපයුමට බාධා එල්ලවී තිබෙනවා.