මස්කෙළිය ඕල්ටන් හා ග්ලැන්ටින් වතුවල සිදුවු බබර ප්රහාර දෙකකින් පස් දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ සවස මස්කෙළිය ග්ලැන්ටින් වතුයයේ සේවය කරමින් සිටි පිරිසකට එල්ලවු බබර ප්රහාරයෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනකුද ඕල්ටන් වතුයායේ සිදුවු බබර ප්රහාරයෙන් පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් දෙදෙනකුයි තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ.
මේ පිලිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බබර ප්රහාරයන්ට ලක්ව රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම තුවාලකරුවන් රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබන බවත්ය.