නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හැටකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිවේදනය කරනවා.
අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙනුයි මෙම පිරිස මියගොස් ඇත්තේ.
පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 69 දෙනෙකු අතුරුදන් බව නේපාල බලධාරීන් නිවේදනය කරනවා.
පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව නේපාල කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.
ගංගාවන් ආසන්නයේ ඉදිකර ඇති නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවද සඳහන්.
මහාමාර්ග වලට සිදුවූ හානි හේතුවෙන් ඇතැම් ප්‍රදේශයන්හි ප්‍රවාහන කටයුතු ද ඇණහිට ඇතිබව වාර්තා වනවා.