ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ පැමිණියා.
ඒ ආශිර්වාද ලබා ගැනීම සඳහායි.
ඉන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
එහිදී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසා සිටියේ පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූවා ද යන්නයි.
එහිදී වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ මෙවැන්නකී.
“ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්ව සිදුකරනවා.
වෙනත් රාජකාරිවල යොදවලා හිටපු නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා..
පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා.
ඒ හිඟයට විකල්ප පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගන්න කටයුතු කරනවා..“