හගුරන්කෙත උඩවත්ත ප්‍රදේශයේ අකුණුසැර වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වික්ටෝරියා ජලාශයට සහ රන්දෙණිගල ජලාශයට ඉහළින් පිහිටා ඇති මෙම ප්‍රදේශයේ අධික වර්ෂාව ඇද හැලීමත් සමග විදුලිය විසන්ධි වී ගොස් තිබෙනවා.
එහෙත් එක්වරම අකුණු සැර වැදීමක් සිදුවූ බවයි ප්‍ර දේශවාසීන් පවසන්නේ සිද්ධියෙන් 76 හැවිරිදි අයෙකු මියගොස් තිබෙනවා.
මොහු රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මිය ගොස් තිබෙනවා. අකුණු අනතුරු පිළිබද දැඩි අවධානය යොමු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.