ඊශ්‍රායලය ලෙබනනයේ මහල් නිවාස ඉලක්ක කරගනිමින් තවදුරටත් ප්‍රහාර එල්ල කරනවා.
බේරූට්හි ගොඩනැඟිලිවලට ඊශ්‍රායලය බෝම්බ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
පසුගිය සඳුදා සිට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර වලින් ලෙබනනයේ 700 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
මේ අතර පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් මුස්තාෆා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ලෙබනන් ජනතාවට එරෙහිව සිදු කරන අපරාධවලට ඉදිරියේදී වන්දි ගෙවිය යුතු බවයි.
ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 41,534 දෙනෙකු මිය ගොස් 96,092 ක් තුවාල ලබා තිබෙනවා.