පාසල්වල ලෝක ළමා දිනය , ගුරු දිනය ආදී උත්සව සැමරීම සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය අදාල අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනවා.
දෙමාපියන්ගෙන් මෙසේ මුදල් එකතුකිරීමෙන් දෙමාපියන් මෙන්ම සිසුන්ද පීඩාවට පත්වනවා.
එමෙන්ම මෙවැනි ක්‍රියා හේතුවෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවයි අධ්‍යාපන , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසන්නේ.
මෙම ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලාගත යුතුයි.
මෙවැනි උත්සව පැවැත්වීම සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතුකිරීම සිදු නොකළ යුතු බවට තිලකා ජයසුන්දර මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.