ගිනිකොනදිග ඇමරිකාවට බලපා ඇති හෙලේන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 43 දෙනෙකු මිය ගියා.
හෙලේන් සුළි කුණාටුව හේතුවෙන් මිලියන ගණනක ජනතාවකට විදුලිය විසන්ධි වී තිබෙනවා.
ගංවතුර හේතුවෙන් අතරමං වූවන්ට උපකාර කිරීම සඳහා බෝට්ටු, හෙලිකොප්ටර් හා ගලවාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ටෙනසි හි රෝහලක වහලය මත 50 ක් පමණ පිරිසක් ආධාර බලාපොරොත්තුවෙන් රැඳී සිටින ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නා.
හෙලේන් කුණාටුව උතුරු ජෝර්ජියා හා කැරොලිනා ප්‍රාන්ත වෙත ගමන් කරමින් තිබෙනවා.
මේ වනවිට කුණාටුවෙන් සිදු වූ හානිය ඩොලර් බිලියන ගණනක් විය හැකි බවයි වාර්තා වන්නේ.