හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඒ මහතාට සහාය පළ කරන මන්ත්‍රිවරුන් පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරතවුණා.
පැය දෙකකට අධික කාලයක් මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
මේ අතර සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සිදුවන සාකච්ඡා පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළකලා.