ඌරු බොක්ක ප්‍රාදේශීය රෝහලේ ගිලන්රථය ලොරි රථයක ගැටීමෙන් ගිලන්රථයේ ගමන් කළ වෛද්‍යවරයා ,හෙද නිලධාරිණිය ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඌරු බොක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුද්දයි මාස 6ක් වයසැති දරුවෙකු ඇඹිලිපිටිය මහරෝහලට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවුණේ.
අනතුර සිදුවන අවස්ථාවේ දරුවා ඇතුළු හත් දෙනෙකු ගිලන්රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.
එම දරුවාට හා දරුවාගේ පියාට කිසිදු අනතුරක් සිදුව නැති බවයි පොලිසිය පවසන්නේ.