“ක්රොකොඩයිල් X” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තායි කිඹුල් ඇතිකරන්නෙකු, කිඹුලන් 100 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව වාර්තා වනවා.
ඒ ඔවුන් කොටු කර සිටි ප්රදේශයට හානි වීම නිසයි.
මෙම කිඹුලන් කොටු කර සිටි ස්ථානයට සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වීම නිසා එය හානියට පත්වූ බව සඳහන්.
උතුරු තායිලන්තයේ Lamphun හි මෙම කිඹුල් ගොවිපල පවත්වාගෙන යන 37 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස මරා දමා ඇත්තේ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උරගයින් විශේෂයක්.
ඔවුන් රඳවා තැබූ ස්ථානය විනාශය පත්වීම සහ කිඹුලන් රඳවා තබා ගැනීමට තරම් විශාල හෝ ආරක්ෂිත ස්ථානයක් නොතිබීම නිසා ඔවුන් ඉන් ඉවතට යාමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙලෙස මරා දැමූ කිබුලන් මීටර් 4 (අඩි 13) දක්වා දිග සත්වයන් බව සඳහන්.