2023 / 2024 තක්සේරු වර්ෂය සඳහා අවසන් ආදායම් බදු මෙන්ම හිඟ බදු ගෙවා අවසන් කරන ලෙසට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ආදායම් බදු ගෙවන්නේ නැති අයට මෙන්ම ගෙවීම් ප්‍රමාද කරන අයට නීත්‍යානුකූල පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.
2023 / 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවියයුතු සෑම අයෙකුම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ආදායම් බදු මුදල් ලබන 30 වනදා හෝ එදිනට පෙර ගෙවා අවසන් කළයුතු බව දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසනවා.
ඕනෑම බදු වර්ගයක් සඳහා යම් අයෙකු ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටිමෙන් ඇතිවු හිග බදු ඇත්නම් ඒවාද ලබන 30 වනදා පෙර ගෙවිය යුතු වනවා.
බදු නොගෙවන අය සම්බන්ධයෙන් එදිනට පසුව දේශිය ආදායම් පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කරන්නේ.