ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර තිබෙනවා .
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසිනුයි අද (27) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා වෙත භාර දෙනු ලැබුවේ .
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිය ලබා ගෙන තිබෙනවා .
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයෙක් .