හැටන් අධ්‍යාපන කලාපයට අයත් නොර්ටන් බ්‍රීජ් විදුලිපුර සිංහල විදුහල අසල පවතින පස් කන්ද නාය යාමේ තර්ජනයක් හේතුවෙන් එම විදුහල තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.
මධ්‍යම කඳුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම විදුහල අසල පස් කන්ද නාය යාමේ තර්ජනයකට ලක්ව එහි ගල් ආදිය විදුහල් භුමියට වැටි ඇති බවත් එම තත්වයන් මත එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ හා ඉගැන්විම් කරන ගුරුවරුවන්ගේ ආරක්ෂාව මතයි මෙම විදුහල මෙසේ වසා දැමීමට පියවර ගෙන ඇත්තේ.
මේ පිලිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්ටන් බ්‍රීජ් පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ 27වන දින උදැසන මෙම විදුහල අසල පස් කන්ද නාය යාමේ ලක්ෂණ පැවතීම මත මෙම පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම මෙම විදුහලට ඉහලින් පවතින ගස්ද කඩා වැටීමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබඳව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන
මධ්‍යස්ථානයටද දැනුම්දී ඇති බවයි එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.