සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (26) දින ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධාත්වයෙන් ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී සිදු කර තිබෙනවා .
මෙම වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ අතර අති නවීන තාක්ෂණයෙන් යුත් Slit Lamps – 05 Nos, Visual Field Analyser, Phaco Machine, Surgeon Stools, Multipara Monitors, Anaesthetic Machine, Specialised Operation Theatre Table සහ රසායනාගාර උපකරණ යටතේ Automated Slide stainer, Cytospin Machine, Tissue Processor යන උපකරණයි .
මෙහිදී ජාතික අක්ෂි රෝහලේ රෝගී දත්ත පරිගණක ගත කිරීමේ මූලික ක්‍රියාවලිය යටතේ රෝගීන්ගේ දත්ත එක්රැස් කිරීම සඳහා වන පොත හඳුන්වාදීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 6.5 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී රෝගීන් සඳහා ක්‍රියාත්මක කෙරෙන අක්ෂි කණ්ණාඩි ලබාදීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් සංකේතාත්මකව අඩු ආදායම්ලාභී අක්ෂි ආබාධවලින් පෙළෙන රෝගීන් 25 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ලබාදීම මෙහිදී සිදුකර තිබෙනවා .
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අක්ෂි රෝහල මඟින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීමට මෙම රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ ලබාදීම සහාය වනු ඇති බවයි.
රෝහලේ අලුත්වැඩියාවන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව ද, මහල් 03 කින් සහ ශල්‍යාගාර 06 කින් සමන්විත ශල්‍යාගාර සංකීර්ණය ඉදිරියේ දී ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීමට හැකියාව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියා .