උතුරු පලාත් නව ආණ්ඩුකාර වරයා ලෙසින් නාගලිංගම් වේදනායගම් මහතා උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාරගෙන තිබෙනවා.
සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් උතුරු පලාත් ආණ්ඩුකර වරයා අද දින වැඩ භාරගනු ලැබුවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පලාතට නාගලිංගම් වේදනායගම් මහතා පත් කිරීමෙන් අනතුරුවයි.
නාගලිංගම් වේදනායගම් මහතා යුද සමයේ සිට කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි දිසාපති තනතුරේ කටයුතු කරන ලද ඉතා කිර්තිමත් රාජ්‍ය නිලධාරියෙක්.