සටන් අත්හිටුවා තමන් සමග සාකච්ඡාවකට එක්වන ලෙස මියන්මාර හමුදා පාලනය කැරළිකරුවන්ට දන්වා තිබෙනවා.
2021 වසරේ දී මියන්මාරයේ පාලන බලය කුමන්ත්රණයක් මගින් අත්පත් කර ගැනිමට එරට හමුදාව කටයුතු කළා.
එතැන් පටන් හමුදා විරෝධි ගැටුම් ආරම්භ වු අතර මේ වන විට මියන්මාරයේ ප්රදේශ රැසක බලය අත්පත් කර ගැනීමට එම කැරළිකරුවන් සමත්ව සිටිනවා.
එවැනි පසුබිමකයි සාකච්ඡා සදහා එක්වන ලෙස හමුදා පාලනය ඔවුන්ට දන්වා ඇත්තේ.
අවි බිම තබා දේශපාලන විසදුමකට එක්වන ලෙස ඔවුන්ට දන්වා තිබෙනවා. කෙසේ වුවද එම යෝජනාව කැරළිකරුවන් ප්රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
හමුදා පාලනයේ යෝජනාව සලකා බැලීමට තරම්වත් වැදගත් නොවන බව කැරළිකරුවන් නිවේදනය කරනවා.