මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා.
ජනාධිපති මන්දිරය සහ අවට ප්රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබුණා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ශ්රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජන පරිහරණයට විවෘත වෙනවා.