පොහොර සහනාධාරය ඉහළ නැංවීමට සහ ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය සම්බන්ධයෙන් කෘෂි හා ධීවර ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ දෙනා ස්තූතිය පළ කරනවා.
2024 / 2025 මහකන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටාරයකට රුපියල් 15000 සිට රුපියල් 25000 දක්වා ඉහළ නංවන ලෙසට ජනාධිපතිවරයා මහ භණ්ඩාගාරයට උපදෙස් ලබාදුන්නා.
මේ අනුව ලබන මස පළමුවනදා සිට පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා ඉහළ යනවා. ඒ පිළිබද ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධාන ද ප්‍රසාදය පළ කරනවා.
මේ අතර ධීවර ප්‍රජවට ද ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපතිවරයා මහ භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබාදුන්නා.
ලබන මස පළමුවනදා සිට එය ක්‍රියාත්මක වනවා.
බහුධින හා එක්දින යාත්‍රා සදහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබාදීමයි අපේක්ෂාව.
එම සහනාධාරය ද සෘජුවම ධීවරයන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ද ධීවර ප්‍රජාව හා ධීවර සමිති ප්‍රසාදය පළ කරනවා.