පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකර ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.
පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකෙරුණා.
ඒවා විභාගයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට රුපියල් මිලියන 75ක වන්දියක්ගෙවන ලෙසට නියම කෙරුණා.
එම වන්දිය සම්පුර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙසේ චෝදනා ගොනුකර ඇති බවයි නීතිපතිවරයා කියා සිටින්නේ.
නිලන්ත ජයවර්ධන මහතාට ලබන 7 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල නියම කර තිබෙනවා.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ගෙවීමට නියම වු සම්පුර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බවයි අධිකරණයේ දී හෙළි වුණේ.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මීට පෙර තමන්ට නියම වු වන්දි මුදල් සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙනවා.