ප්‍රබල හෙලේන් සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
හෙලේන් සුළි කුණාටුව මේ වන විට හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි ඇමෙරිකා කාලගුණ අංශ නිවේදනය කරන්නේ.
පැයට කිලෝමීටර 215ක පමණ ප්‍රබලත්වයකින් යුතුව එය ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළු වී තිබෙනවා.
සුළි කුණාටුවත් සමග අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවිය හැකි අතර මුහුදු රළ ද භයානක මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවට ෆ්ලොරීඩා ප්‍රාන්ත බලධාරීන් අනතුරු අඟවනවා.
ඒ හරහා ව්‍යසනකාරී තත්ත්වයක් ඇති විය හැකි බවටයි ඔවුන් තවදුරටත් පවසන්නේ.
මිලිමීටර 450 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති අතර ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස බධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි බවයි කාලගුණ අංශ අනාවැකි පළකරන්නේ.