ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ඩී.ඒ. රාජකරුණා මහතා පත් කර තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ඒ.රාජකරුණා මහතා ඊයේ (26) සිය ධූරවල වැඩ භාර ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.