සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම පසෙකලා හිස් බුල්ලා කණ්ඩායමට එරෙහිව පූර්ණ බලය යොදා දිගටම සටන් ක්‍රියාත්මක කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග ලබා දී තිබෙනවා.
එක්සත් ජනපදය ඇතුළු ඇතුළු රටවල් 12 ක් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණා.
එය නොතකා ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
පසුගිය සඳුදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති ලෙබනන වැසියන් සංඛ්‍යාව 700කට අධිකයි.
ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් අනු දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
ප්රහාරයන්ගෙන් අවතැන්ව සිටින සංඛ්‍යාව අනූ දහසක්.
මේ අතර බේරුට්හි මහල් ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හිස් බුල්ලා ඩ්‍රෝන ඒකකයේ ප්‍රධානියා මියගොස් ඇති බව එම සංවිධානය තහවුරු කර තිබෙනවා.