මිහින්තලේ මහකනදරාව වැව ආශ්‍රිතව ගැවසෙන වන අලින් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
සෑමදිනකම සවස් කාලයේ සියයකට ආසන්න වන අලි රංචුවක් මහකනදරාව වැව ආශ්‍රිතව ගැවසෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනුරාධපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පිරිස් මෙන්ම සංචාරකයන්ට එය අපූර්ව අත්දැකීමක් වී තිබෙනවා.
වන අලි අතර පැටවුන් ද සිටින බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත් සතුන් අසලට නොයා මාර්ගයේ සිට වනඅලින් නරඹන ලෙසයි වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ .