පළමු ටෙස්ට් තරග 8කදී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) ලෝක වාර්තා අතරට එක් වී තිබෙනවා .
වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙසයි කමිඳු මෙන්ඩිස් සැලකෙන්නේ .
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී මේ වනවිට පැවැත්වෙන 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තබා තිබෙනවා .
ඒ නොදැවී ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටිමින් .
අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබෙනවා .