නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලේ හෙද නිලධාරියෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත ලද පැමිණිල්ලක් අනුව සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සසංක සම්පත් සංජීව නාවලපිටිය මහෙස්ත්රාත් රසාංජි රත්නායක මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට තරයේ අවවාද කර රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව ලබන මස (28) දින කැඳවීමටයි නියෝග කර තිබෙන්නේ .