කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම ” කුෂ් ” ගංජා වැටලීම අද ( 26 ) දින සිදුකර තිබෙනවා .
ඒ රුපියල් හතලිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමඟ ඒවා රැගෙන ආ ගුවන් මඟියා ද අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අද ( 26 ) දින උදෑසන සමත් වී තිබෙනවා .
මොහු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂකසේවා නිලධාරීවරයෙක් .
ඔහු අද ( 26 ) දින උදෑසන 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .
කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිටව යාමට පැමිණ සිටි මොහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් , මොහු නවතා , මොහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී , කිලෝ ග්‍රෑම් 43 යි ග්‍රෑම් 648 ක් බරැති මෙම ” කුෂ්” ගංජා තොගය සොයා ගෙන අත්අඩංගුවට ගැනීමටයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සමත් වී තිබෙන්නේ
” කුෂ්” ගංජා තොගය සහ ඒවා මෙරටට රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතිකයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා .