සසානාමි යුද නැව කළ අපුරු දේ
ජපානය ප්‍රථම වරට තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යුද නෞකාවක් ගමන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
සසානාමි නමැති ජපන් යුද නෞකාව මෙලෙස ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ ඕස්ට්‍රේලියා නවසීලන්ත නැව් දෙකක්ද සමගයි.
එම කලාපයේදී ජපානය ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය මේ දිනවල යුද අභ්‍යාසයක නිරත වන බව එරට මාධ්‍ය සඳහන් කළා.
කිලෝමීටර් 180 ක දුරක් ජපාන යුද නෞකාව යාත්‍රා කළ බවයි වාර්තා වන්නේ.
චීනයේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන ලියෝනින් තායිවානය අසලින් ප්‍රථම වරට යාත්‍රා කර සතියකට පසුව තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා ජපානය මෙලෙස යාත්‍රාවක් ගමන් කරවීම ද විශේෂත්වයක්.