උතුර , උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි හෙට ( 27 ) දිනයේ ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත් වල මෙන්ම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ .