බිත්තර ආශ්රිත නිෂ්පාදනවල මිල ගණන් පැහැදිලිව පෙනෙන ආකාරයට වෙළෙඳසැලේ ප්රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
උපදෙස් නොතකා කටයුතු කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බවයි පාරිභෝගික අධිකාරිය ප්රකාශ කළේ.
බිත්තර මිල ගණන් සැලකිය යුතු ප්රමාණයකින් අඩුවී තිබෙනවා.
එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබාදීම අරමුණයි.
බිත්තර ආශ්රිත නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා අවධානය යොමුකරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය ,සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුලු බේකරි හා හෝටල් හිමිකරුවන්ට පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබෙනවා.