ඉන්දියාවේ මුම්බායි වෙත ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර නිසා පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ .
ඊයේ සවස් කාලය වනවිට මුම්බායිහි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 275 පමණ වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එම නිසා ගමනාගමනය අඩාල වී මිලියන සංඛ්‍යාත නගර වැසියන් දිනපතා භාවිත කරන දුම්රියන්ද ප්‍රමාද වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මේ හේතුවෙන් ඊයේ මුම්බායි ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 14ක් විවිධ ගුවන් තොටුපළවල් වෙත හරවා යවා තිබෙන බවටයි වාර්තා වන්නේ