හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්රණ ශාලාව ආසන්නයේ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) දින හමුවී ඇති බව හම්බන්තොට පොලීසිය පවසනවා .
දින කිහිපයක් මෙම මළ සිරුර මෙසේ පාර අසල තිබෙන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ .
වයස අවුරුදු 50 ක් තරම් වන මෙම පිරිමි පුද්ගලයා කලුපාට කොට කලිසමක් හා කමිසයක් ඇඳ ඇති අතර මළ සිරුර මුණින් අතට වැටී ඇති බවද පොලිසිය ප්‍රකාශ කරනවා .
මෙම මළ සිරුර සම්බන්දයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා .