හෙලේන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයට ඇතුළු වීමත් සමග එහි ප්රචණ්ඩත්වය වැඩි වෙතැයි අපේක්ෂා කෙරෙනවා.
පළමු කාණ්ඩයේ හෙලේන් සුළි කුණාටුව අද සවස් කාලයේදී ෆ්ලොරිඩා ප්රාන්තයට ඇතුළු වීමට නියමිතයි.
එය අනතුරුදායක 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වේගයෙන් වර්ධනය වනු ඇති බවට අනාවැකි පළ වනවා.
මේ හේතුවෙන් දැඩි සුළං හා ගංවතුර තත්ත්වයන් ද ඇති වෙතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ වනවිට ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා යන ප්රාන්තවල හදිසි තත්ත්වයක් ද ප්රකාශයට පත් කර තිබෙනවා.