ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පාකිස්තානයට ඇමරිකා ඩොලර් බිලියන 7ක ණයක් අනුමත කර තිබෙනවා.
ඉදිරි වසර 3 තුළ මෙම ණය මුදල් පාකිස්තානයට ලැබෙන අතර ඒ යටතේ පළමු ඩොලර් බිලියන 1ක මුදල ඉතා කඩිනමින් ලැබීමට නියමිතව තිබෙනවා.
පාකිස්තාන අගමැති ෂීබාස් ෂරීෆ් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජියෙවා වෙත මේ පිළිබඳ ස්තුතිය පළ කර තිබෙනවා.
පකිස්ථානය 1958 වසරේ සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් අවස්ථා 20කදී මෙලෙස ණය ලබාගෙන ඇති අතර දැනට එහි පස්වන විශාලතම ණය කරුවායි.
ආර්ථිකය ස්ථාවර කිරීමට හා ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීමට නව වැඩසටහන යොදා ගැනෙනු ඇති.