ඇමරිකාව හා යුරෝපා සංගමය ලෙබනන-ඊශ්‍රායල් ගැටුම් සඳහා දින 21ක සටන් විරාමයක් ඉල්ලා සිටිනවා.
ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ ඇමරිකාව, යුරෝපා සංගමය හා මිත්‍ර රටවල් ලෙබනනයේ තාවකාලික සටන් විරාමයක් ඉල්ලා සිටිනවා.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ දෙපාර්ශවය අතර ගැටුම් තවදුරටත් ඉවසිය නොහැකි බවත් මෙම ගැටුම් ඊශ්‍රායලයේ හෝ ලෙබනන ජනතාවගේ අවශ්‍යතාවක් නොවන බැවින් දැන්වත් සටන් විරාමයකට යා යුතු බවයි.
ඊයේ දිනයේද ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කළා.
එම ප්‍රහාර වලින් පුද්ගලයන් 72දෙනෙකු මිය ගොස් 400කට අධික පිරිසක් තුවාල ලැබුවා.
ලෙබනනයද ඊයේ පළමු වරට ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.
ඒ ටෙල් අවීව් අගනුවර ඉලක්ක කර ගනිමින්.