ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දක්වන හිටපු මන්ත්රී කණ්ඩායම පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දක්වන හිටපු මන්ත්රී කණ්ඩායමේ රැස්වීමක් කොළඹ මල් පාරේ පිහිටි පුළුවන් ශ්රී ලංකා කාර්යාලයේ දී පැවැත්වුණා.
මෙම සාකච්ඡා පැවැත්වුණේ හිටපු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන්.
ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වු හිටපු මන්ත්රීවරුන් රැසක් ඊට එක්ව සිටියා.