මාලිමාව මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.
කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි අත්වන බව කී දිසානායක මහතා ඒ වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව සඳහන් කළා.
ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරග කළහොත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට පුළුවන්කම තිබෙන බව එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අනුර කුමාරට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවනු ඇති බවද එස්.බී දිසානායක මහතා පැවසුවා.