මහ විලච්චිය ප්‍රදේශයේ ගුළු පෙත්තෑව වැව පාසි වර්ගයක් සහ තන කොළ වර්ගයක් හෝ වීම නිසා මෙවර මහකල්ලේදී ලැබෙන වැසි වලින් ජලය නිසි පරිදි රඳවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කුඹුරු අක්කර හැටකට වැඩි ප්‍රමාණයක් මෙවරම් මහ කන්දේදී වග කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.
මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැන වන අතර මෙවර මෙම ගොළු පෙත්තෑව වැව යටතේ වගා කරන කුඹුරු අක්කර හැටකට අවශ්‍ය කරන ජලය නොමැති වීමේ අවදානමක් තිබෙන බවයි ගොවීන් පවසන්නේ.
මෙම වැව පිළිසකර කර ගැනීම සඳහා කොතෙකුත් රාජ්‍ය නිලධාරීන්ට දැනුවත් කළත් ඒ කිසිදු කෙනෙක් මේ පිළිබඳව අවධානයක් යොමු නොකරන බවද ගොවීන් චෝදනා කර සිටිනවා .
ෙගොවි ජනතාව පවසා සිටින්නේ තමන්ට ගොවිතැන් කටයුතු සඳහාත් ජන ජීවිතයේ සඳහා අවශ්‍ය කරන ජලය මෙන්ම බීමටද ජලය ලබාගන්නේ මෙම වැවෙන් බවත් ගම්වාසින් එකතු වී මෙම වැව කොතෙකුත් සුද්ද කිරීම සඳහා උත්සාහ දරුවත් මෙම වැඩේ තිබෙන පහසුවෙන් විශාල වශයෙන් රැඳී තිබෙන හේතුවෙන් ඔවුන්ට එය සිදු කර ගැනීමට මුදල් ප්‍රතිපාදන නොමැති කමෙන් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වන බවත් මෙම ගොවීන් දැඩි කනස්සල්ලෙන් කියා සිටිනවා .
ගොවීන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවර මහ කන්නයේදී මෙම කුඹුරු වගා කර ගැනීමට නොහැකි වුවහොත් තමන්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදාවන බවත් කැඳ ටිකක් හෝ බීමට මෙම කුඹුරු වගා කර ගත්තොත් අවස්ථාව උදාවෙන බව ගොවීන් මාධ්‍ය අදහස් දක්වමින් කියා සිටියා.