ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම මැදපෙරදිග ගැටුමේ “භයානක උත්සන්න කිරීමක්” බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා තිබෙනවා.
ඒ වතිකානයේ දී අදහස් දක්වමින්.
පසුගිය දින කිහිපයේදී උන්වහන්සේ අසනීපවූ නිසා සතිපතා සාමාන්‍ය ප්‍රේක්ෂකයින් හමුවීම අවලංගු කර තිබුණා.
කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ යුධ උණුසුමක් නිර්මාණය වී ඇති අවස්ථාවක, පාප් වහන්සේ මෙම අදහස් පළ කර තිබෙනවා.
ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා ව්‍යාපාරයට අනුබද්ධිත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසන අතර, ප්‍රහාර “පිළිගත නොහැකි” බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.
මෙය සියළු සටන් නැවැත්වීමට හැකි සෑම දෙයක්ම කරන ලෙසත් පාප්වහන්සේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇති බව සඳහන්