කොළඹ කොටස් වෙළෙඳපොළ අද( 25 ) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 325යි දශම 59 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රුපියල ද තවත් ශක්තිමත් වී තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ හටගෙන ඇති දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඊට හේතු වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,659.71 ක් ලෙස අද දිනය අවසන් වන විට සටහන් වී තිබෙනවා .
එස් ඇන්ඩ් පී එස්එල් ටුවෙන්ටි දර්ශකය ද ඒකක 148.54 කින් අද ඉහළ ගොස් තිබෙන අතර එය සටහන් වන්නේ ඒකක 3,383.76 ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළඳපොළේ අද දිනයේ සමස්ත පිරිවැටුම සටහන් වුනේ රුපියල් බිලියන 3.9 ක් ලෙසයි.