තායිලන්තයේ රජු විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතකට අත්සන් කර ඇති අතර, සමලිංගික සංගම් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට ඒ අනුව තායිලන්තය පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
පනත ජුනි මාසයේදී සෙනෙට් සභාව අනුමත කළ නමුත් නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය වුණ බවයි සඳහන් වන්නේ .
එය අඟහරුවාදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය ලබන වසරේ ජනවාරි 22 සිට ක්‍රියාත්මකවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .