රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකසට තබා මුදල් ලබාගත් කාන්තාවක් හැටන් පොලිසිය විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත කාන්තාව අධිකරණය වෙත අද (25) දින ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන මස (09) දින දක්වා රක්ෂිත
බන්ධනාගාර ගත කිරීමටයි හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළේ .
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ පදිංචි අවු 48 හැවිරිදි තිදරු මවක් .
කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වී සිටින සැකකාර කාන්තාව රන් ආලේපිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද කුඩා මුදු, පංචායුධ, කරාබු හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රධාන නගර වල පිහිටි උකස් මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රැගෙන ගොස් උකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් කාලයක් තිස්සේ සිදු කර තිබෙනවා .
.