හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවරට පළමු මිසයිල ප්‍රහාරය එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එම ප්‍රහාරය අද අළුයම ටෙල් අවිව් නගරය දෙසට මිසයිලයක් එල්ල කර තිබෙන බවයි සඳහන් වන්නේ .
හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල බුද්ධි අංශය වන මොසාඩ් හි මූලස්ථානයට ප්‍රහාරය එල්ල කළ බවයි.
කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ මෙම ප්‍රහාරය තමන් වැළැක්වූ අතර ඊට ගොදුරු වූවන් හෝ තුවාල ලැබූවන් පිළිබඳ කිසිදු වාර්තාවක් මේ වන විට ලැබී නොමැති බව සඳහන් කර සිටිනවා .
හිස්බුල්ලා මිසයිලයක් ටෙල් අවිව් ප්‍රදේශයට ළඟා වූ පළමු අවස්ථාව ද මෙය බවයි වාර්තා වන්නේ
මීට පෙර ඊශ්‍රායලය ප්‍රකාශ කළේ බීරූට් හි ප්‍රහාරයකින් හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ඝාතනය කළ අතර ඉන් ලෙබනන වැසියන් හය දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .