නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තම්මැන්නාව ප්‍රදේශයේ .අක්කර දහයක කෙසෙල් වගාවක් වන අලින් විසින් ඊයේ රාත්රියේදී විනාශ කර තිබෙනවා.
එම ප්‍රදේශයේම වට්ටක්කා වගාවක් බන්ඩක්කා වගාවක් කැකිරි වගාවක් වනාලි මෙම වගාවට වැඩීම නිසා මුළුමනින්ම එය විනාශ කර දමා ඇති ආකාරයක් දකින්නට ලැබුණා.
මෙම ගොවීන් පවසා සිටින්නේ වසර ගණනාවක් සිට තමන්ට නිදහසේ ගොවිතැන්ව ගාවක් කර ජීවත්වීමට නොහැකිව අන්ත අසරණ වී සිටින බවත් වන අලි තර්ජන හේතුවෙන් මේ වන විට වගාවන් මුළු මනින්ම විනාශ කර ඇති හෙයින් මෙම වගාවට තමන් වියදම් කරපු මුදල් ටිකවත් ලබා ගැනීමට නොහැකිව ණය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ගොවීන් හැඬූ කඳුළින් පවසා සිටියා .
වසර ගණනාවක් සිට මේ පිළිබඳව රජයටත් වනජීවී නිලධාරීන්ටද කොතෙක් දැනුවත් කරත් මේ වන විට නිසි ස්ථිර විසඳුමක් නොලැබුණු බවයි ගොවීන් පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගොවීන් කියා සිටින්නේ අලි වැඩි දෙකක් ලබා ගැනීමට කිලෝමීටර් දහයක් පමණ දුර ගෙවාගෙන යාමට සිදුවී ඇති බවත් එම අලි වෙඩි දෙක කිසිසේත් ගොවීන්ගේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බවත්, මෙම ගොවීන් නව රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වන අලි ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසත්, නිදහසේ ගොවිතැන් කරගෙන තමන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරය උදාකර දෙන ලෙසත් මෙහිදී ගොවීන් ඉල්ලා සිටියා.