යුරෝපයේ ඇති වූ දැවැන්ත ගංවතුර, දේශගුණ විපර්යාස වල ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් බව විද්‍යාඥයන් පවසනවා.
පසුගියදා යුරෝපයට බලපෑ බොරිස් සුළි කුණාටුව පෝලන්තය, චෙක් ජනරජය, රුමේනියාව, ඔස්ට්‍රියාව හා ඉතාලිය ඇතුළු රටවල් රැසකට බලපෑම් එල්ල කළා.
එමගින් මරණ 24 ක් හා පවුම් බිලියන ගණනක හානි ද සිදු වුණා.
දින හතරක කාලයක් තුළ මධ්‍යම යුරෝපයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ද බොරිස් සුළි කුණාටුව හේතුවෙන් ඇති වුණා.
හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය වාර්ෂිකව සෙල්සියස් අංශක 1.3 කින් පමණ ඉහළ යන අතර වසර 100කට 300 කට වරක් පමණ මෙවැනි අධික වර්ෂාවන් ඇතිවිය හැකි බවට උපකල්පනය කෙරෙනවා.
නමුත් මෙම වාර්ෂික උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 2දක්වා වැඩිවුවහොත් වර්ෂාව ඉහළ යාම නිතර නිතර සිදුවනු ඇති.